මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය බේරාගන්න කළ පොලිස් මෙහෙයුම (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 13:23

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


දියඇල්ලකින් පහළට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ 23 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත් වුණා.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඇබොස්ලි වත්ත හරහා ජලය ගලා බසිනා  දිය ඇල්ලට ඉහළින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු රැඳි සිටින බව දුටු වතු කම්කරුවෙකු ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

වහාම වූ ක්‍රියාත්මක වූ හැටන් පොලිස් නිලධාරීන් එම තරුණයා සොයා ගියා.

එහිදී හෙළිවූයේ ඔහු සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ඇල්ල  ඉහළට පැමිණි සිටි බවයි.

ඒ අනුව පොලිසිය ඔහු බේරා ගැනීමට මෙලෙස ක්‍රියා කළා.

මානසික ආබාධයකින් පෙළෙන බව පැවසෙන 23 හැවිරිදි එම තරුණයා හැටන් රොතැස් වතුයායේ පදිංචිකරුවෙක්.

හැටන් පොලිසිය සඳහන් කළේ දෙමව්පියන් සමඟ උරණ වී සියදිවි හානි කර ගන්නා බව පවසමින් මෙම තරුණයා නිවසින් පිටව ගොස් තිබූ බවයි.

පොලිස් භාරයට  ගත් තරුණයා හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බවයි.  

ඉන්අනතුරුව එම තරුණයාව මව්පියන් වෙත භාරදීමට කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කළා.