මංතීරු නීති පෙරහුරු වැඩසටහන හෙට සහ අනිද්දාත් ක්‍රියාත්මකයි (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 14:30

%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය, මහජන සම්බන්ධතා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාතේ මාර්ග 4 ක් කෙන්ද්‍ර කරගනිමින් සිදු කෙරන බස් ප්‍රමුඛතා මංතිරු නිතී පෙරහුරුව ලබන සිකුරාදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි.

අද සිට ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුත්තේ බස් රථ සඳහා වෙන් කර ඇති මංතිරුවේ පමණයි.

පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රථවාහන මාර්ග පාලන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක කියා සිටියේ ඇතැම් පුද්ගලයින් ගැන නොව පොදුවේ මහජනතාව ගැන සිතා මෙම මංතිරු නිතීය ක්‍රියාත්මක කරන බවයි.