අනිද්දා සිට වැසි වැඩි වෙයි

Wednesday, 16 September 2020 - 14:41

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අනිද්දා සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්ත්වය ලබන 21 වැනිදා දක්වා පැවතිය හැකි බවයි.

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.