ඉඩම් ගැසට්ටුවට පරිසරවේදීන්ගේ විරෝධය

Wednesday, 16 September 2020 - 14:48

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි පුද්ගලයින්ට එම ඉඩම් නීත්‍යානුකූලව ලබාදීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට පරිසරවේදීන් විරෝධය පළ කරනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් මේ දිනවල රජයේ කැලෑ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම ඉහළ ගොස් ඇති බවයි.

ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත්ගේ අත්සනින් යුතුව පසුගිය 10 වැනිදා නිකුත් කර ඇති අදාළ ගැසට් පත්‍රය මගින් රජයේ ඉඩම්වල ස්ථිර නිවාස ඉදිකර කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම හෝ  ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදුකරමින් භුක්ති විඳින පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල හිමිකම් පත්‍ර ලබාදීමට අයදුම්පත්‍ර කැඳවන බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, යම් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලබන්නේ නම් එය කුමන පනතක ප්‍රතිපාදන යටතේ නිකුත් කරන්නේද යන්න සඳහන් කළ යුතු වූවත්, මෙම ගැසට් පත්‍රයේ එවැන්නක් සඳහන් නොවීම ගැටළු සහගත බවයි පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ, සහකාර ඉඩම් කොමසාරිස් සෙව්වන්දි අමරසේකරගෙන් විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ රජයේ ඉඩම් පනතේ ප්‍රතිපාදනවලට අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

පළමු අවස්ථාවේ සිදුවන්නේ ඉල්ලූම්පත් කැඳවීම පමණක් බවත්, අනතුරුව ඉඩම් ලබාදීමේදී සියලූ නීත්‍යානුකූල අයිතීන් තහවුරු කළ යුතු බවයි ඇය කියා සිටියේ.