කොරෝනා වෛරසය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 15:07

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතේ විද්‍යාගාරයක නිපදවූවක් බව චීන ජාතික වෛරස් රෝග පිළිබඳව වෛද්‍යවරියක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු අනාවරණ කර ඇත්තේ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණ සිටින වෛද්‍ය ලී මෙන් යාන් විසින්.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතුව මේ වනවිට පවතින බවයි.



මේ අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුළ නිපදවූ බවට චෝදනා එල්ලවූවා.

එක්සත් ජනපද රහසිගත වාර්තාවක් උපුටා දක්වන ෆොක්ස් නිව්ස් පුවත් සේවය මීට පෙර තොරතුරු අනාවරණ කළා.

වවුල් විශේෂයකින් ලබාගත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් වෙනස් කිරීමකට ලක්කර රසායනාගාරය තුළදී එය මිනිසකුට එන්නත් කර පසුව ඔහුව බාහිර සමාජයට යවා එය ව්‍යාප්ත කරවූ බවට එම පුවතින් චීනයට චෝදනා කරනු ලැබුවා.

එක් අවස්ථාවක ඊශ්‍රායලයේ “මොසෑඩ්” බුද්ධි සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් ප්‍රකාශ කළේ චීනයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය ඔවුන් විසින්ම නිපදවූ වෛරසයක් බවයි.

චීනය විසින්ම සිදුකළ රහසිගත ජිව විද්‍යාත්මක අත්හදා බැලීමකදී මෙම වෛරසය විද්‍යාගාරයෙන් පිටතට සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුනේ.

නව කොරෝනා වෛරසය පැතිරීයාම වුහාන් හි පිහිටි මත්ස්‍ය අලෙවි සැලකින් ආරම්භවූ බවයි පළමුව චීනයේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

නමුත් මෙම වෛරසයට ගොදුරුවූ බවට වාර්තාවූ පළමු රෝගියා සහ එම වෙළදසැල සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැති බවට මේ වන විට කරුණු හෙළිවී තිබෙනවා.