විග්නේෂ්වරන්ට එරෙහි ඩෙනේෂ්වරන්ගේ නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Wednesday, 16 September 2020 - 16:23

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.විග්නේෂ්වරන් ඇතුළු 3 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින්.

උතුරු පළාත් සභාවේ ධීවර හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් යළි අමාත්‍ය ධුරයේ පිහිටුවන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඒ අනුව, පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා එකඟ වී ඇති බැවින් මෙම චෝදනා පත්‍රය තවදුරටත් ඉදිරියටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි.

වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයින් පෙන්වා දුන්නේ අභියාචනාධිකරණය 2018 පෙබරවාරි මාසයේ සිය සේවාදායකයාට එරෙහිව ලබාදුන් නියෝගයට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද අභියාචනය ද ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.