පිලියන්දල මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණ තරුණියන් 19 ක් අත්අඩංගුවට (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 17:04

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පිලියන්දල - දම්පේ නිවාඩු නිකේතනයකදී උපන්දින සාදයක් මුවාවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියන් 5 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා සහ මත්පෙති ඔවුන් ළඟ තිබී සොයා ගත් බවයි.

සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 160,000 ක දඩ පනවා තිබෙනවා.