පන්නිපිටියේ පාසලක ළමයින් 16 ක් ආසාත්මිකතාවකින් රෝහලේ

Wednesday, 16 September 2020 - 17:18

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
පන්නිපිටිය ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 16 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ විදුහල් භූමියේ පිහිටි රෙඩ් ෆාම් නමැති ශාකවල ගෙඩි සහිත අතුවලින් ක්‍රීඩා කරමින් සිටියදී එම ගෙඩි ශරීරයේ දැවටී ඔවුන් මෙම ආසාත්මිකතාවට ලක්ව ඇති බවයි.

ඔවුන් මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසුවා.