හෙරොයින් සමග මීගොඩදී ඇල්ලූ වෙලේ සුදාගේ සමීපතමයා ගැන තොරතුරු රැසක් එළියට (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 19:53

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මීගොඩ - මාදුලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ සමීපතමයා දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහුට එම මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිෂ්චිත තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකිවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 200 ක් සමගින් ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.

මොහු දැනට විවාහ වී සිටින්නේ ද දැනට බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ ඥාති සොහොයුරියක් සමගයි.

එමෙන්ම, මීට පෙර සැකකරුගේ පියා සහ වෙලේ සුදාගේ පියා අතර ඇති වූ ආරවුලක් මත වෙලේ සුදාගේ පියා විසින් සැකකරුගේ පියාගේ දෑත් කපා දමා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම, හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගත් ආමි සම්පත් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයා වන සුමීර මධුෂංක නමැත්තා අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහුට එරෙහිව අධිකරණ කිිහිපයකින් වරෙන්තු ද නිකුත් කර ඇති අතර, පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර, පිලියන්දල - දාම්පේ නිවාඩු නිකේතනයකදී උපන්දින සාදයක් මුවාවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියන් 5 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, සහ මත්පෙති ඔවුන් ළඟ තිබී සොයා ගත් බවයි.

එහිදී පොලීසිය මෙම තරුණියන් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කර සිටියා.

අදාළ සැකකරුවන් අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 160,000 ක දඩ පනවා තිබෙනවා.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සමග වාකරේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු ද ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පරවියන් සහිත පෙට්ටියක සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, ගාල්ල - නෙලුව ප්‍රදේශයේදී ද ගංජා සමග චීවරධාරියෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ගාල්ල නගරය, තනිපොල්ගහ, කරාපිටිය සහ මිලිද්දුව යන ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් සහ ගංජා සමගින් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.