අගමැති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ගුණානුස්මරණයට එක්වෙයි (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 20:01

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+156+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සිංහල බොදු සමාජ උරුමය වෙනුවෙන් කැපවුණු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණානුස්මරණය වෙනුවෙන් කොළඹ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ පැවති දානමය පිංකම අද පැවත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන්.

එහිදී ධර්මපාලතුමන්ගේ පිලිතුරුවට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා එහි සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, බත්තරමුල්ල - දියත උයනේ සංවිධානය කළ විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද එක්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තමන් බලයට පත්වුණු සෑම අවස්ථාවකදීම පත්වුණු රජයන් යටතේ දේශීයත්වයට මුල්තැන දෙමින් කටයුතු කළ බවයි.