කහ කන්ටේනර් 62 ක් රේගුවේ

Wednesday, 16 September 2020 - 20:04

%E0%B6%9A%E0%B7%84+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+62+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මෙරටට ආනයනය කළ කහ කන්ටේනර් 62 ක් රේගුවේ මේ වනවිට රඳවා තිබෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

කහ ආනයනය තහනම් කර ඇති නිසා අදාළ තොග යළි ආනයනය කළ සමාගම් වෙත යැවීමට ආනයනකරුවන්ට අවසර ලබාදෙන බවයි රේගුව සඳහන් කළේ.

මෙම කහ තොග වල වටිනාකම රුපියල් මිලියන 760 ක් වන අතර කහ කිලෝග්‍රෑම් 1,023,859 ක් ඒ අතර වනවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ කහ මෙටි‍්‍රක් ටොන් 30 ක් මේ වනවිට රාජසන්තක කර ඇති බවයි රේගුව ප්‍රකාශ කළේ.

එසේම, පාරිභෝගික සේවා අධිකාරිය නියම කල පාලන මිලට වැඩියෙන් කහ අලෙවි කල වෙළදුන් 140 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය කහ කිලෝග්‍රෑමයක් සදහා නියමකල පාලන මිල රුපියල් 750ක් වන අතර එම පාලන මිලට වඩා කහ අලෙවි කරන්නන් සොයා අඛන්ඩව වැටලීම් සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ.