නිලන්ත ජයවර්ධනගේ දුරකථනය සහ පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Wednesday, 16 September 2020 - 20:14

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ භාවිතා කළ පෞද්ගලික ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙස ජනාධිපති කොමිසම එහි ලේකම්වරයාට නියෝග කළා.

ජනාධිපති කොමිසමේ නියෝග මත නිලන්ත ජයවර්ධනගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පසුගියදා එම කොමිසමේ පොලිස් ඒකකයට භාරයට ගනු ලැබුවා.

අදාළ උපකරණවල 2019 ජනවාරි මස 01 සිට දෙසැම්බර් 31 දක්වා පණිවිඩ හුවමාරු කරගෙන ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි එහිදි කොමිසම එහි ලේකම්වරයාට දැනුම් දුන්නේ.

අදාළ උපකරණවල පාස්කු ප්‍රහාරයට අදාළව පටිගත කරන ලද හඬපට හෝ වෙනත් සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳ සති දෙකක් තුළ ජනාධිපති කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති කොමිසමේ සභාපතිවරයා නියෝග කළා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සහරාන් කල්ලියේ න්‍යායාචාර්ය ලෙස සැලකෙන නවුෆර් මවුලවි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබුණා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද අද පෙරවරු 9.30ට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද පාස්කු ජනපති කොමිසම හමුවේ පෙනි සිටිම සදහා අද පස්වරුවේ පැමිණි බවයි එහි සිටින අප වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කලා.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවයි.

කෙසේවෙතත් සිසිර මෙන්ඩිස්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ ඊට අදාළ බොහෝ පාර්ශ්ව එහි රැදී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප්‍රසාදයට ලක්වුණා.