ජනපති ඇතුලු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස පොඩි ලැසී නම් කරයි (වීඩියෝ)

Thursday, 17 September 2020 - 10:25

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට සහ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නැමැත්තා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ මෝසමක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල හමුවේ අද උදෑසන සළකා බැලූනු අවස්ථාවේදියි.

පසුගිය 8 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නැමති සැකකරුවන් මෙලෙස ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට මරණ තර්ජන කර ඇති බවයි.

ඒ අනුව පොඩි ලැසී නැමැත්තාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියා.

ඊට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් අතර, සැකකරුව මේ මස 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

කෙසේ වෙතත් පොඩි ලැසී නැමති සැකකරු දැනට බන්ධනාගාර ගතව සිටින චෝදනාවට අදාළ නඩුව බලපිටිය මහාධිකරණයේදී කැඳවීමට නියමිතව තිබුණා.

එහිදී ඔහු ඇප මත නිදහස් වීමට අද දිනයේ ඉඩ තිබූ බැවින් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවීමට මෝසමක් ඉදිරිපත් කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ අනුව බලපිටිය මහාධිකරණයේ විභාගවන නඩුවට ඉදිරිපත් කිරීමට පෙර සැකකරුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබුවා.

අද උදෑසන සිටම අධිකරණය පිහිටි ගාල්ල - කොටුව අවට ආරක්ෂාව දැඩි කර තිබූ අතර පොඩි ලැසී නැමැත්තා බන්ධනාගාරයට රැගෙන එනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේයි.

නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පොඩි ලැසී නැමැත්තා තර්ජනය කිරීමේ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඊට අවසර ලබාදුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල සැකකරුවන් මේ මස 25 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් රැකවල් මධ්‍යයේ පොඩි ලැසී නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් බලපිටිය මහාධිකරණය වෙත රැගෙන යනු ලැබුවා.

මීට අදාළ නඩුව මේ වනවිට මහාධිකරණයේ කැඳවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.