ශානි අබේසේකර ඇතුලූ තුන්දෙනා යළි රිමාන්ඩ්

Thursday, 17 September 2020 - 12:23

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලූ තුන්දෙනා ලබන මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ නඩුවේ සිව්වැනි සැකකරු පසුගියදා නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

ශානි අබේසේකර, මෙම නඩුවේ පළමු සැකකරු වන අතර, දෙවැනි සැකකරු ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙක්.

මෙම නඩුවේ 03 වන සැකකරු වන රටින් පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා, රතු වරෙන්තුවක්  ද නිකුත් කර තිබෙනවා.