ළමයෙකු ලෙස අර්ථකථනය කරන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකෙරේ (වීඩියෝ)

Thursday, 17 September 2020 - 12:59

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+18+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ළමයෙකු ලෙස අර්ථකථනය කරන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම වයස් සීමාවට අඩු ළමයෙකු කිසියම් වරදකට හසුවූ අවස්ථාවේදී බන්ධනාගාර ගත නොකර පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහා යොමු කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.

මේ අතර රාජ්‍ය ආයතන සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීමේදී චෝදනාවන්ට ලක්වී ඇති කිසිදු නිලධාරියෙකු යොදවා නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

ඒ, ජගත් සංවිධාන නියෝජිතවරියගේ චෝදනාව සම්බන්ධයෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.