ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට මංගල සමරවීර බලපෑම් කරලා - කොමිසමේදී අනාවරණ වෙයි (වීඩියෝ)

Thursday, 17 September 2020 - 13:03

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ ඇතැම් නම් ඉවත් කිරීමට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර බලපෑම් කර ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ යළිත් වරක් අනාවරණ වුණා.

ඒ, එම කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන යූ.ඩී. බස්නායක කළ කරුණු දැක්වීමේදීයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ආරක්ෂක ලේකම් ධුරයට පත්වූ යූ.ඩී. බස්නායක ඊයේ පළමුවරට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි  ලබා දුන්නා.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ශම්මි කුමාරරත්න කොමිසමට කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් සාක්ෂි විමසූ අතර, සාක්ෂිකරු කියා සිටියේ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ ඇතැම් නම් ඉවත් කීරීමට එවක විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර තම නිලධාරීන්ට බලපෑම් කළ බවයි.

2014 වසරේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබු ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ පුද්ගලයින් 424 දෙනෙකු සහ ආයතන 16 ක් ඇතුළත්ව තිබු බව ඔහු සඳහන් කළා.

එම ලේඛනය 2015 දී යාවත්කාලීන කිරීමට අවශ්‍ය නොවන බව බුද්ධි අංශ විසින් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දී තිබූ බවත්  සාක්ෂිකරු ප්‍රකාශ කළා.

 කෙසේ වෙතත් එම අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ සුරේන් සුරේන්ද්‍රන් සහ එම්මෑනුවෙල් පියතුමාගේ නම් ඉවත් කිරීමට මංගල සමරවීර තමාට බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ තාවකාලිකව කටයුතු කළ ශම්මි කුමාරරත්න ඔහුට දැනුම් දී ඇතත් ඔහු ඒ පිළිබඳ තැකීමක් කර නැහැ.

ඒ‍්,  අසාදු ලේඛනයේ නම් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ද අවශ්‍ය බැවිනුයි.

කෙසේ වෙතත් එම අසාදු ලේඛනයෙන් නම් ඉවත් කිරීමට මංගල සමරවීර සිය පුද්ගලික හිතවත්කම් මත කටයුතු කිරීම ගැටලු සහගත බව හිටපු ආරක්ෂක ලේකම් යූ.ඩී බස්නායක ප්‍රකාශ කළා.

මේ අතර චුන්නාගම් පොලීසියට අනියුක්තව සේවය කළ මයුර ඥානලිංගම් නම් නිලධාරියාගේ මව වන ඥානලිංගම් ධනේෂ්වරී දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාලව සාක්ෂි ලබාදීම සඳහා හිටපු ඇමතිණී විජේකලා මහේෂ්වරන් ද අද පෙරවරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා.