මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජෝසාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Thursday, 17 September 2020 - 13:35

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%9D%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජෝසා නැමැත්තාගේ සමීපතමයෙකු වන සාජි නැමැති සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි ඔහු අලුත්ගම - දර්ගා නගරය - කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ජෝසා නැමැත්තාගේ හෙරොයින් ඊ.සී. කෑෂ් ක්‍රමයට අලෙවි කර ඇති අතර, ඔහු දර්ගා නගරයේම පදිංචිකරුවෙක්.