පුත්තලම - මදුරන්කුලිය පාලසෝල හන්දියේ සිට මුක්කුතොඩුවාව අක්කර 100 වත්ත දක්වා දිවෙන මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ප්රදේශවාසීන් පවුල් 2000කගේ පමණ ගමනාගමන කටයුතුවලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
පාලසෝල ප්රදේශයේ බහුතරයක් දෙනාගේ ප්රධාන ජීවනෝපාය වී ඇත්තේ කොහු කර්මාන්තය සහ ඒ හා බැඳුණු රැකියාවන්.
නමුත් මාර්ග දුෂ්කරතාවය නිසා ඔවුන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.
වැසි දිනවලදී මෙම මාර්ගය වාරි මාර්ගයක් බවට පත්වීම හේතුවෙන් පාසල් ළමුන් පත්වන අපහසුතා සුළු පටු නැහැ.