චම්පික රණවකට එරෙහි නඩුවේ ඉදිරි පියවර සළකා බැලීම 29 වනදාට කල් යයි

Thursday, 17 September 2020 - 14:22

%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+29+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඉදිරි පියවර සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ අදාල නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ පෙරබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයාට බරපතල අනතුරක් සිදු කිරීම, අසත්‍ය සාක්ෂි සැකසීම ඇතුළු අධි චෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට, ඔහුගේ රියදුරුට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තුන්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.