රංජිත් අලුවිහාරේගේ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසී

Thursday, 17 September 2020 - 15:05

%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%93
පසුගිය මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ලැබුණු මනාප ඡන්ද නැවත ගණනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොවැම්බර් 05 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීයා ඇතුළු දාහතර දෙනෙක්.

මෙම පෙත්සමෙන් රංජිත් අලුවිහාරේ ඉල්ලා සිටින්නේ ලග්ගල සහ දඹුල්ල මැතිවරණ කොට්ඨාශවල ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බැවින් මාතලේ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයට ලැබුණු සියලු මනාප ඡන්ද යළි ගණන් කරන ලෙසයි.