බ්‍රිතාන්‍යයේ දෙවන කොරෝනා රැල්ලක්

Saturday, 19 September 2020 - 7:28

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
එක්සත්  රාජධානියේ දැන්  දෙවන කොරෝනා රැල්ලක් අත්දැකීමට සිදුව ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මේ නිසා සීමාවන් දැඩි කිරීමට අදහස් නොකරන බවයි ඔහු කියා සිටියේ.

එහෙත් සමාජ දුරස්ථභාවය පිළිබඳ රෙගුලාසි දැඩි කිරීමට සිදුවිය හැකි බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට තුන්ලක්ෂ 86,000 කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව 41,732 ක්.

දෙවන කොරෝනා රැල්ල ආරම්භවීමත් සමඟ බ්‍රිතාන්‍ය විසින් සීමාවන් පැනවිය හැකි ආකාර තුනක් පිළිබඳව සළකා බලන බව සඳහන්.

එය, මුළුමනින්ම රට වසා දැමීම වෙනුවට නිවසකින් නිවසකට පවතින සම්බන්ධතාව නතර කිරීම අරමුණු කරගෙන සිදුවනු ඇති.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට තුන්කෝටි හයලක්ෂ 84,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව නව ලක්ෂ 55,666 ක්.