මැලේරියා රෝගීන් 26 ක්

Saturday, 19 September 2020 - 7:28

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+26+%E0%B6%9A%E0%B7%8A
මේ වසර තුළ දිවයිනෙන් හමුවූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේ අයි.ඞී.එච්. රෝහලේදී තවත් මැලේරියා රෝගියෙකු හදුනා ගැනීමත් සමගයි.

පසුගිය 11 වනදා දිවයිනට පැමිණි 51 හැවිරිදි යුක්රේන ජාතිකයෙකු මෙලෙස මැලේරියා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සදහන් කළා.

පසුගිය වසරේ මෙම කාලය වනවිට මෙරටින් මැලේරියා ආසාදිතයින් 35 ක් වාර්තා වී තිබුණා. මේ වසරේ දැනට වාර්තා වී ඇත්තේ මැලේරියා ආසාදිතයන් 26 දෙනා අතුරෙන් 10 දෙනෙකුම හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සළකනු ලබන්නේ.