අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් (වීඩියෝ)

Saturday, 19 September 2020 - 13:06

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ වැසි තත්ත්වය හේතුවෙන් මාර්ග යටවීම් සහ නායයෑමේ සිද්ධින් වාර්තාවනවා.

දිඹුලපතන නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකකට සහ ගොඩනැගිල්ලකට හානි සිදු ව තිබෙනවා.

සබරගමුව සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වල අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි දිස්ත්‍රික් අපදා කළමණාකරන කාර්යාල සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ මධ්‍යම කදුකරය සහ  දිවයිනේ නිරත දිග කොටසට ඇදහැලූණු දැඩි වර්ෂාපතනයෙන් ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටීම නිසා විදුලිය විසන්ධිවීමේ සිද්ධින් වාර්තා වු බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

පවතින වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 6 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එසේම කළු ගගේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුරය සහ මිල්ලකන්ද අවට ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තයේ ජල කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ සුගිෂ්වර බණ්ඩාර කියා සිටියේ.

වාරි ජලාශවල ද ජල මට්ටම සියයට 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොත්මලේ ජලාශයේද වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත  කරනු ලැබුවා.

මේ අතර, දිවයින වටා මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර ඉහළ යා හැකි බැවින් කුඩා ධීවර යාත්‍රාවලින් මුහුදු ගිය ධීවරයන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම ඊයේ රාත්‍රියේ සිට අද පෙරවරුව දක්වා වනවිට වැඩිම වර්ෂාපතනය  මිලිමීටර් 151 වාර්තාවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.