මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක්

Saturday, 19 September 2020 - 15:19

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories