වගා ළිඳකට වැටුණු කිඹුලන් 13 දෙනෙකු බේරා ගැනේ (වීඩියෝ)

Saturday, 19 September 2020 - 17:01

%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කිඹුල් පැටව් 12 දෙනෙකු හා කිඹුලියක, වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේ ළිඳක වැටී සිටියදී මුදාගෙන තිබෙනවා.

ඒ බැකෝ යන්ත්‍රයක් උපයෝගි කරගෙනයි.

අද(19) උදෑසන ඉඩම් හිමියන් විසින් තම ඉඩමේ වගා ළිඳ තුළ වැටී සිටි කිඹුලන් දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් රක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීම කටයුතු කර තිබෙනවා.
 
උතුරු පළාතේ පවතින වියළි කාලගුණයත් සමඟ ආසන්නයේ ඇති වැව සිඳීයාම හේතුවෙන් ජලය සොයා ගම්වැදුනු කීඹුලන්,මෙලෙස අනතුරට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.