ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අල්කයිඩා සාමාජිකයින් 9 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Saturday, 19 September 2020 - 17:11

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අල්කයිඩා සාමාජිකයින් 9 දෙනෙකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සැකකරුවන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි.

අල්කයිඩා සාමාජිකයින්ගෙන් 6 දෙනෙකු ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තයක් වන බටහිර බෙංගාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් තිදෙනා කේරළයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.