නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රීයයි - අදත් වැසි සහ සුළං

Sunday, 20 September 2020 - 6:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්වය අද දිනයේදී ද තවදුරටත් පවතින ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ සබරගමුව සහ මාධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි හේතුවෙන් මුහුද රළුව පවතිනවා.

මේ නිසා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අවදානම් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories