ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක් නම් කරන බව ජනපති ට්‍රම්ප් කියයි

Sunday, 20 September 2020 - 9:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රූත් ගින්ස්බර්ග් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියගේ අභාවයෙන් පුරප්පාඩු වූ ධුරයට එළඹෙන සතියේදී තවත් විනිසුරුවරියක නම් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ඩිමොක්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩ්න් කියා සිටින්නේ මෙම පත් කිරීම නොවැම්බර් 3 වනදා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුකළ යුතු බවයි.

87 හැවිරිදි රූත් ගින්ස්බර්ග් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියගේ අභාවය පිළිබඳව ඇමරිකානුවන් සිය කණගාටුව පළ කළේ ඇගේ නිවස ඉදිරිපිට මල් කළඹ ඇතිරීමෙන්.

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් 9 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ජනපතිවරයා විසින් ඊට සිදුකරන පත්කිරීම් එහි සමබරතාවට තීරණාත්මකව බලපාන බව සඳහන්.