මහනුවර ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටියදී බේරාගත් බිළිඳා මියයයි (වීඩියෝ)

Sunday, 20 September 2020 - 9:39

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක්වීමෙන් සුන්බුන් අතර සිරවී සිටියදී බේරාගත් මාස එකහමාරක් වයසැති බිළිදා මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සුන්බුන් අතර සිරවී සිටි දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවයි.

එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු තවමත් සුන්බුනු අතර සිරවී සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඊට යුද හමුදාවද එක්ව සිටිනවා.