කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිරවූ යුවල සොයා මෙහෙයුම් අඛණ්ඩව (වීඩියෝ)

Sunday, 20 September 2020 - 11:24

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමකට ලක්වීමෙන් අනතුරුව එය කඩාවැටීමකට ලක්වූවා

අද උදෑසන 5 ට පමණ මෙම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ තවත් ගොඩනැගිල්ල මතටයි.

එම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර යුවලක් සිටින බවයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ අතර පොලිසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ස්ථානය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසයි.

එසේම සුන්බුන් අතර සිරවී සිට දිවි ගලවාගත් කාන්තාවක් අපවෙත ප්‍රකාශ කළේ දැවැන්ත ශබ්දයක් සමඟ කොන්ක්‍රීට් තට්ටුවක් කඩාවැටුණු බවයි.

අනතුරුව සුන්බුන් අතර සිටියදීම තමන් සතුව තිබූ ජංගම දුරකථනයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම්දීමකට අනුව පොලිසිය පැමිණ තමන් බේරාගත් බවයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ ඔවුන්ගේ ඥාතින් වන යුවලක් යාබද කාමරයේ සිටි බවත් ඔවුන් තවමත් එහි සිරවී සිටින බවයි.

පසුව සුන්බුන් අතර සිරවී සිටියදී බේරාගත් මාස එකහමාරක් වයසැති බිළිදා මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඊට යුද හමුදාවද එක්ව සිටිනවා.