මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට යටවූ මවගේ සහ පියාගේ දේහයන් හමුවෙයි (වීඩියෝ)

Sunday, 20 September 2020 - 14:50

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම යුවලගේ මාස එකහමාරක් වයසැති බිළිඳා අද (20) දහවල් ගොඩනැගිල්ලට යටවී මියගොස් සිටියදී සොයා ගෙන තිබුණා.

එමෙන්ම, සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැණුනේ මහනුවර මහ නගර සභාව, පොලීසිය සහ යුද හමුදාවද ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.