ඩොනල්ඩ් ට්‍රම්ප්ට තැපෑලෙන් විෂ අඩංගු පාර්සලයක්

Sunday, 20 September 2020 - 19:33

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එවූ විෂ සහිත වස වර්ගයක් අඩංගු පාර්සලයක් ධවල මන්දිරයට ලැබීම වළක්වා තිබෙනවා.

තැපෑලෙන් යොමුකරන ලද මෙම පාර්සලය ධවල මන්දිරයේ ලිපි පරීක්ෂා කරන ස්ථානයේ ප්‍රක්ෂේපනයට ලක් කිරීමේදී සොයා ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තෙල් එඬරු ශාකයේ ඇට වල අඩංගු රයිසින් නම් විෂ මෙම පාර්සලයේ අඩංගු බවට හඳුනාගෙන ඇති අතර, යම් පුද්ගලයෙකු එම රයිසින් නම් විෂ ද්‍රව්‍යයට නිරාවරණය වුවහොත්, පැය 36 ත් 72 ත් අතර කාලය තුළ මරණයට පත්විය හැකි බව ඇමරිකානු රෝග පාලන හා මර්දන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පාර්සලය එවා ඇත්තේ කැනඩාවේ සිට බවට විශ්වාස කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.