ගොවි පනත්වලට ඉන්දීය විපක්ෂයෙන් විරෝධතා

Tuesday, 22 September 2020 - 8:05

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
නරේන්ද්‍ර මෝදි රජය විසින් ඉන්දීය රාජසභාවේ සම්මත කරගත් ගොවි පනත්වලට එරෙහිව කොංග්‍රස් පක්ෂය ඇතුලු ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂ විරෝධතා රැල්ලක් ප්‍රකාශයට පත් කළා.

ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කළද විපක්ෂය සහ ගොවීන් කියා සිටින්නේ එමඟින් ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක මිල ආධාරක ක්‍රමය අහෝසි වනු ඇති බවයි.

එමෙන්ම පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් ඉන්දියාවේ ගොවි ආර්ථිකය කඩාවැටෙනු ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

ට්‍රිලියන 2.9 ක් වූ ඉන්දීය ආර්ථිකයෙන් සියයට 15 කටම දායක වන්නේ කෘෂිකර්මාන්තයයි.

විපක්ෂය සංවිධාන කර ඇති විරෝධතා රැල්ලට ගොවින්ගේ පෙළපාලි මෙන්ම දෙකෝටියක් ඉන්දීය ගොවීන්ගේ අත්සන් සහිත පෙත්සමක් ජවහර්ලාල් නේරු තුමන්ගේ ජන්ම දිනය යෙදී ඇති ලබන මස දෙවනදා ජනාධිපති රාම්නාත් කෝවින්ද් වෙත භාරදීමද ඇතුළත්.