කොරෝනා අවදානම නිසා බ්‍රිතාන්‍යයේ අවන්හල් රාත්‍රී 10ට වැසේ

Tuesday, 22 September 2020 - 9:08

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+10%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
දෙවන කොරෝනා රැල්ලකට මුහුණදෙන එංගලන්තයේ නව සීමාවන් පැනවීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ව්‍යාප්තියට දායක වන බවට හඳුනාගත් සියලු අවන්හල් සහ මත්පැන් අලෙවිහල් රාත්‍රි 10 ට වසා දැමෙනු ඇති.

බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන විද්‍යා උපදේශකවරයා ඊයේ අනතුරු ඇඟවූයේ ඔක්තෝම්බර් මාසය මැද භාගය වනවිට එංගලන්තයේ දෛනික නව ආසාදිත සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති අතර, නොවැම්බරයේදී දෛනික කොරෝනා මරණ 200 ඉක්මවනු ඇති බවටයි.

එමෙන්ම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දෙලක්ෂයට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 70 ලක්ෂයකට  අධිකයි.