හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තවත් වෙනසක්

Tuesday, 22 September 2020 - 16:13

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට දෙවන මංතීරුව භාවිත කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා.