පාර්ලිමේන්තුවෙන් එළියට යන්න සිදුවූ, අතාවුල්ලාගේ අමුතු ඇඳුමට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

Tuesday, 22 September 2020 - 17:30

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වූයේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සභා ගර්භය තුළ උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන්.

ඒ අතර ආණ්ඩු පක්ෂයේ ඒ එල් එම්  අතාවුල්ලා මන්ත්‍රීවරයා වෙනස්ම ඇඳුමකින් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටීමද විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතු වුනා.

එය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇඳුමට බෙහෙවින් සමාන වුනා.

පසුව පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ එම ඇඳුම මෙරට පාර්ලිමේන්තුවට සම්මත ඇඳුමක් නොවන නිසා සභා ගර්භයෙන් ඉවත් වන ලෙසයි.

පසුව ඉවතට ආ මන්ත්‍රීවරයා තමන් එම ඇඳුම ඇඳගෙන ආ හේතුව හෙළි කළා.

ඒ, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ගැනද සිහිපත් කරමින්.