බලන්ගොඩ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයයි (ඡායාරූප)

Tuesday, 22 September 2020 - 21:13

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බලන්ගොඩ පින්නවල ඕලුගන්තොට බංඩාරවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද පස්වරුවේ අභිරහස් ලෙස මියගොස් සිටි පාසල් සිසුවියකගේ මළසිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අද පස්වරුවේ ඇයගේ මව යළි නිවසට පැමිණි අවස්ථාවේදීයි ඇඳ අසල මියගොස් සිටි සිසුවියගේ මළසිරුර දැක ඇත්තේ.

පසුව ඇය විසින් කළ දැනුම්දීමකට අනුව ප්‍රදේශවාසීන් එක්ව සිසුවිය බලන්ගොඩ රෝහළ වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දැරිය ඒ වනවිටත් මියගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.