කටුනායකදී පාසල් වෑන් රථයක් දුම්රියේ ගැටී ජීවිත අනූනවයෙන් ගැලවෙයි

Thursday, 24 September 2020 - 8:47

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටුනායක ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

ඊයේ උදෑසන කටුනායක සරත් මාවත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී හලාවත-කොළඹ දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් එහිදී වෑන් රථයේ ගමන්කරමින් සිටි දරුවන් 17 දෙනෙකු සහ රියදුරු අනූනවයෙන් බේරී ඇති බවයි වාර්තාවන්නේ.