රටම කතාවෙන මාතරදී හමුවූ කොරෝනා ආසාදිතයාගේ තොරතුරු එළියට

Thursday, 24 September 2020 - 12:11

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
මාතර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහුගේ ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදුකරන බවයි මාතර ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙන්නේ මාතර ප්‍ර දේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටයි.

ඔහු හම්බන්තොට මහා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා සමග තවත් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති අතර, එහිදී කළ පළමු PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු නොවීම හේතුවෙන් මෙම සංචාරක හෝටලය වෙත පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, පසුව සිදුකළ දෙවන PCR පරීක්ෂණයකදී එක් පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර, අද උදෑසන වනවිට මෙරටින් වාර්තාවී ඇති නව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3324 ක්.

කෙසේ වෙතත් තවදුරටත් මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 182ක් පමණයි.

මේ අතර, කොවිඩ් 19 හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටි පුද්ගලයින් 356 දෙනෙකු අද උදෑසන වනවිට මෙරටට පැමිණියා.

කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරෙන බවයි.

මේ අතර, අද දිනයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 205 දෙනෙකු තම නිවෙස් බලා පිටව යාමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව, අද වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 68ක් තුළ තවදුරටත් පුද්ගලයින් 6927ක් නිරෝධායනය වෙමින් පවතිනවා.

මේ අතර, ලොව පුරා වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට තුන්කෝටි දෙලක්ෂ 80,000 ඉක්මවනවා.

ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 981,249ක්.

වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ අමෙරිකාවට වන අතර, එරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 7,139,515ක්.

මේ අතර, ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තාවන අසල්වැසි ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 80,000 ඉක්මවමින් වාර්තාවීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,730,184 දක්වා ඉහළ ගියා.