දීපිකා පදුකෝන්ට නොතීසි

Thursday, 24 September 2020 - 15:16

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, සියදිවි නසාගත් සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී හෙලිවූ තොරතුරකට අනුවයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන බොලිවුඞ් රංගන ශිල්පීන් අතර ඇයගේ නමද ඇතුළත් වී තිබීම හේතුවෙන් මෙලෙස ඇයට නොතීසි නිකුත් කර තිබෙනවා.

හෙට දිනයේ දීපිකා පදුකෝන් මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ පෙනී සිටීමට නියමිතව ඇති අතර, එහිදී ඇයට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට මුම්බායි පොලීසිය කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.