ඩීන් ජෝන්ස් සමුගනී

Thursday, 24 September 2020 - 16:32

%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඕස්ටේ්‍රලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවරදී අද අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 59 හැවිරිදි වියේ පසු වූ ඔහු ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 52 කට සහ එක්දින තරඟ 164 කට එක්ව තිබෙනවා.

මියයන අවස්ථාව වනවිට ඔහු ඉන්දියාවට පැමිණ තිබුණේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ විස්තර විචාරක කටයුතුවලට එක්වීමටයි.