ඇමරිකානු ජනපතිවරණයෙන් පසු සාමකාමී බල හුවමාරුවක්, රිපබ්ලිකන් නායකයා සහතික වෙයි

Friday, 25 September 2020 - 8:10

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවරෙකු වුවත් සාමකාමී බල හුවමාරුවක් සිදුවන බවට රිපබ්ලිකන් පක්ෂ නායක මිච් මැක්කොනල් ප්‍රකාශ කළා.

ඒ, ජනපතිවරණයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ජනපති ට්‍රම්ප් දැන් සිටම සැක පළ කිරීම හේතුවෙන්.

මෙවර ඇමරිකානු ජනපතිවරණයේ වැඩි ප්‍රතිශතයක් තැපැල් ඡන්ද භාවිත කිරීමට පෙළඹී සිටිනවා.

ඒ, කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් එරට ආසාදිතයන් 71 ලක්ෂයක් සහ මරණ දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන්.

කෙසේ නමුත් තැපැල් ඡන්ද ක්‍රියාවලියේ සාර්ථක භාවය පිළිබඳව ජනපති ට්‍රම්ප් ප්‍රශ්න කරන අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් විට තමාට අඛණ්ඩව කටයුතු කිරීමට සිදුවිය හැකි බවයි.

එය ඩිමොක්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ දැඩි විවේචනයට ලක්වූ අතර, පරාජය වී තවදුරටත් ධවල මන්දිරයේ රැඳී සිටියහොත් ජනපති ට්‍රම්ප් හමුදාව විසින් ඉවත් කරනු ඇති බව ඔහු කියා සිටියා.