විද්‍යාපීඨ අයදුම්පත්වල වැරදි නිවැරදි කිරීමට දින හතරක සහන කාලයක්

Friday, 25 September 2020 - 9:16

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින හතරක සහන කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (26) සිට මේ මස 30 වනදා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිස තම උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තම අයදුම්පතෙහි අදාළ සංශෝධන සිදුකළ හැකියි.

මෙම වසරේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories