ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 58 ලක්ෂය ඉක්මවයි

Friday, 25 September 2020 - 11:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+58+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 86,052 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් අට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

එමෙන්ම ඊයේ වාර්තාවූ මරණ 1,141 ක් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 92,000 ඉක්මවූවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගතවූ පැය විසි හතර තුළ අසූදහස ඉක්මවූ ආසාදිතයන් සුවය ලබා රෝහල්වලින් නික්මුණු බවයි.

ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා සුවය ලැබූ ඉන්දීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 47 ලක්ෂ 50,000 කට අධිකයි.

කෙසේ නමුත් මේ මාසය තුළ පමණක් විසි දෙලක්ෂයක් ඉන්දියානුවන්ට අලුතෙන් වෛරසය ආසාදනය වී තිබෙනවා.