යුක්රේනයේ දරුණු ගුවන් අනතුරක්

Saturday, 26 September 2020 - 7:06

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
යුක්රේනයේ හමුදා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් විසිදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්රේනයේ නැගෙනහිර පිහිටි කාර්කිව් නගරයේදී ගොඩබැස්සවීමට උත්සාහ කළ මෙම ඇන්ටනොව් 26 යානය අනතුරට ලක්වී මියගිය බහුතරයක් ගුවන් හමුදා කැඩෙට් භටයන්.

අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ පුද්ගලයන් 27 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, අතුරුදන්වූ තුන්දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.