කොරෝනා මරණ මිලියන දෙක ඉක්මවන ලකුණු

Saturday, 26 September 2020 - 7:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ගෝලීය කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 9 ලක්ෂ 92,886ක් ලෙස සටහන් වන අතර, ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි විසි හත්ලක්ෂ 43,000 කට අධිකයි.

ජිනීවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානී වෛද්‍ය මයික් රයන් කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් පුළුල් ලෙස යොදාගැනීමට පෙර එලෙස විසි ලක්ෂයක් මරණ වාර්තාවිය හැකි බවයි.

ඒකාබද්ධ ජාත්‍යන්තර ප්‍රයත්නයකින් තොරව එම මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානියා සඳහන් කළේ.