මියගිය ප්‍රවීන ඉන්දීය ගායන ශිල්පී එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ අවසන් කටයුතු අද

Saturday, 26 September 2020 - 8:37

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF
කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය ප්‍රවීන ඉන්දීය ගායන ශිල්පී එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ අවසන් කටයුතු අද චෙන්නායි නුවරදී සිදු කිරීමට නියමිතයි.

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙල්ලෝර් හි උපත ලබා තෙළෙඟු බසින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඔහු දශක පහක් පුරා දෙමළ, හින්දි ඇතුලු ඉන්දීය භාෂා 16 කින් ගැයූ ගීත සංඛ්‍යාව 40,000 කට අධිකයි.

කොවිඞ් 19 වෛරසය ආසාදනය වී පසුගිය අගෝස්තු 5 වනදා රෝහල් ගත කෙරුණු ඔහු ඊයේ දහවල් මියගියේ රෝගී තත්වය උත්සන්න වීමෙන්.

කොලිවුඞ් සිනමාවේ එම්.ජී.ආර්. ගේ සිට බොලිවුඞ් පුරයේ ෂාරුක් ඛාන් දක්වා විස්මිත සිනමාකරුවන් සමඟ සමීපව කටයුතු කළ එස්.පී. බාලසුබ්‍රමනියම් වෙනුවෙන් ශෝකය පළ කරමින් ප්‍රකට සිනමා ශිල්පීන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ අතර, රසිකයන් ඔහුගේ සංගීත සමරු යළි එක් රැස් කිරීමට පෙළඹී සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories