සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තමන් දැරූ තනතුරු පහත හෙළීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එහි පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ සෞම්‍ය ලියනගේ පවසනවා.
ඔහු දැරූ මහාචාර්ය පදවිය සහ පීඨාධිපති තනතුර අහිමි කිරීමටයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කළේ.
කථිකාචාර්යවරයෙකු ලෙස ඔහුගේ පරිවාස කාලය අවසන්වීමට පෙර සම්පූර්ණ කළයුතු පශ්චාත් උපාධි සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර ප්‍රකාශ කළා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුදැනුම මත පාලක සභාව මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුට ඒ සම්බන්ධයෙන් අභියාචනා ක්‍රමවේදය ඔස්සේ යළි තනතුර ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි මහාචාර්ය අබේරත්න බණ්ඩාර පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ සෞම්‍ය ලියනගේ කියා සිටියේ විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරියේ මෙම තීරණයට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

Follow US
Most Viewed Stories