අපනයන ප්‍රවර්ධනයට දිරිදීමනාවක්

Saturday, 26 September 2020 - 13:11

%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉදිරි කාර්තු දෙක සඳහා අපනයන ප්‍රවර්ධනය සඳහා දිරිගැන්වීමේ දීමනාවක් ලබාදීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහිදී වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750 ඉක්මවූ මහ පරිමාණ අපනයනකරුවන්ට පසුගිය වසරේ ආදායමට සාපේක්ෂව සියයට දෙකක දිරිදීමනාවක් හිමිවන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ අපනයන කරුවන්ට සියයට 3.5 ක දීමනාවක් හිමිවනු ඇති.

අලුතෙන් පිහිටුවන ලද අපනයන සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් අදාළ යෝජනාව පසුගිය 23 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ නව වැඩසටහන තුළින් ඔක්තෝම්බර් 1 වනදා සිට ලබන වසරේ මාර්තු 31 දක්වා ඩොලර් මිලියන 600 ක අතිරේක අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories