ලෝකාන්තයට නව මාර්ගයක් ඉදිකිරිම නිසා ගැටළු රැසක් (වීඩියෝ)

Saturday, 26 September 2020 - 13:43

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බලංගොඩ නන්පේරියල් වතුයාය හරහා ලෝකාන්තය දක්වා මාර්ගයක් ඉදිකිරීමට බලංගොඩ - ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් නන්පේරියල් වතුයායේ ජනතාව චෝදනා කරන්නේ මෙමගින් පාරිසරික මෙන්ම සමාජීය ගැටලු රැසක් උද්ගත වන බවටයි.

ලෝක උරුමයක් වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීම සඳහා පට්ටිපොල සහ ඔහිය දෙසින් ප්‍රධාන මාර්ග 2ක් දැනටමත් විවෘතව පවතිනවා.

මේ වන විට බලංගොඩ සිට නන්පේරියල් වතුයාය හරහා නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් නන්පෙරියල් වතුයාය හරහා මෙම මාර්ගය විවෘත කළහොත් නිතර පැමිණෙන සංචාරකයන් හේතුවෙන් පරිසර විනාශය මෙන්ම සමාජීය ගැටලු රැසක් උද්ඝත වනු ඇති බවට ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ නැග්රැග් ප්‍රදේශයේ සිට හෝර්ටන්තැන්න හරහා කොටස පා ගමනින් පමණක් සිදුකළ හැකි ලෙසට මාර්ගය ඉදිකරන බැවින් පරිසර විනාශයක් සිදුනොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories